කිලිනොච්චිය පොලිස් වසමේ පුංගාවන ප්‍රදේශයෙන් හමුවූ යුද සමයේ භාවිත කළ බවට සැකකෙරෙන පතරොම් හමුවූ ස්ථානයේ කැණීම් හා ඒ සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් කර තිබෙනවා.කිලිනොච්චිය පොලිස් වසමේ පුංගාවන ප්‍රදේශයේ කොන්ක්‍රිට් වැඩපළක භූමියේ වළදමා තිබූ ටී 56 වර්ගයේ පතරොම් තොගයක් පළමුවරට හමුවී තිබුණේ පසුගිය 14වනදායි.
අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්යය බළකාය ඊයේ සහ පෙරේදා අදාල භූමියේ කැණීම් කටයුතුවල නිරත වූ අතර එහිදී ටී 56 ඇතුලු විවිධ වර්ගයේ පතරොම් එක්ලක්ෂ අනූ දහස් හත්සිය පනහක් සොයාගෙන තිබුණා.
මෙම විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අද දිනයේදී කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.














