රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයේ කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ අඟුරුවැල්ල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ මෙම අනතුර ඊයේ (25) රාත්‍රියේ දී සිදු ව ඇත්තේ පෞද්ගලික ආයතනයක කිරි පටවාගත් බවුසරයකට යතුරුපැදියක් යටවීමෙන් බවයි.
මරණකරු 25 හැවිරිදි මොරාවත්ත ප්‍රදේශයේ පදිංචි අවිවාහකයෙක්.
බවුසර් රථය පාරෙන් ඉවතට පැන යතුරුපැදියේ මෙන් ම පාරේ අයිනක නවතා තිබූ තවත් කුඩා ලොරි රථයක ද ගැටීමෙන් එම ලොරි රථය ගුරුගොඩ ඔයට පෙරළී තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මරණකරුගේ මෘතදේහය කරවනැල්ල මූලික රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1