කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීමට අගමැතිගෙන් උපදෙස්

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා කඩිනමින් ඒකාබද්ධ සැලැස්මක් සකස් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී, පසුගියදා පැවති ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දුම්රිය අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුවට පැමිණෙන විට, අවිස්සාවේල්ල – කොස්ගම අතර පමණක් අවස්ථා හතරක දී මහා මාර්ගය හරහා ගමන් කරන බවයි.

මේ හේතුවෙන් මහා මාර්ගය හරහා ගමන් කිරීම නැවැත්වීමෙන් මාර්ග තදබදය අඩුකරගෙන, වේලාව ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවත්, ඒ සඳහා එක පැත්තකින් දුම්රිය මාර්ගයත් අනෙක් පැත්තෙන් මහා මාර්ගයත් දිවෙන අයුරින් සකස් කළ නොහැකිදැයි අග්‍රාමාත්‍යවරයා විමසා සිටියා.

ඒ, අනුව නව සංකල්ප වෙත යොමුවන ලෙසත්, සංවර්ධනය මහජනතාව වෙත ළඟා කරන ලෙසත් ඔහු නිලධාරීන්ට දැනුම් දුන්නා.

මේ අතර කැලණිවැලි මාර්ගය සඳහා තවත් දුම්රිය මාර්ගයක් එක්වනවා නම් පැය 03ක් වන දුම්රිය ගමන පැයක් දක්වා අඩුකරගත හැකි බවත් ඉන්ධන ඉතිරි කරගත හැකි බවත් මෙම සකච්ඡාවේ දී අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?