කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීමට අගමැතිගෙන් උපදෙස්

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය වේගවත් කිරීම සඳහා කඩිනමින් ඒකාබද්ධ සැලැස්මක් සකස් කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී, පසුගියදා පැවති ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙම සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ දුම්රිය අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුවට පැමිණෙන විට, අවිස්සාවේල්ල – කොස්ගම අතර පමණක් අවස්ථා හතරක දී මහා මාර්ගය හරහා ගමන් කරන බවයි.

මේ හේතුවෙන් මහා මාර්ගය හරහා ගමන් කිරීම නැවැත්වීමෙන් මාර්ග තදබදය අඩුකරගෙන, වේලාව ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවත්, ඒ සඳහා එක පැත්තකින් දුම්රිය මාර්ගයත් අනෙක් පැත්තෙන් මහා මාර්ගයත් දිවෙන අයුරින් සකස් කළ නොහැකිදැයි අග්‍රාමාත්‍යවරයා විමසා සිටියා.

ඒ, අනුව නව සංකල්ප වෙත යොමුවන ලෙසත්, සංවර්ධනය මහජනතාව වෙත ළඟා කරන ලෙසත් ඔහු නිලධාරීන්ට දැනුම් දුන්නා.

මේ අතර කැලණිවැලි මාර්ගය සඳහා තවත් දුම්රිය මාර්ගයක් එක්වනවා නම් පැය 03ක් වන දුම්රිය ගමන පැයක් දක්වා අඩුකරගත හැකි බවත් ඉන්ධන ඉතිරි කරගත හැකි බවත් මෙම සකච්ඡාවේ දී අනාවරණය වුණා.

  1. ඉතා හොඳ වැඩ සටහනක්. කැලණිවැලි දුම්රිය අනිවාර්යයෙන්ම සංවර්ධන වියයුතුයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14