Empty Ad
AFC Banner
Empty Ad

කැලිෆෝනියාවට ප්‍රබල භූ කම්පනයක් – මිලියන 4.7ක ජන කොටසක් අනතුරේ

අමෙරිකානු ප්‍රාන්තයක් වන කැලිෆෝනියා වෙරළ තීරයේ රික්ටර් මාපක 7.0ක ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

බීබීසී පුවත් සේවය පැවසුවේ මේ සමග ම එම ප්‍රාන්තයේ වෙසෙන ජනතාවට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද නිකුත් කර ඇති බවත් පසුව හෝරා කිහිපයකින් අනතුරුව තත්ත්වය යම් තාක් දුරකට සාමාන්‍යකරණය වූ පසු එරට රජය විසින් එම අනතුරු ඇඟවීම ඉවත් කරනු ලැබුවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණයට අනුව උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් වූ කොටසේ මිලියන 4.7ක පමණ ජනතාවක් ඇතුළත් ප්‍රදේශයක් වන උතුරු කැලිෆෝනියාවේ සහ දකුණු ඔරිගන් දෙකෙහිම වෙරළ තීරයට මෙම භූ කම්පනය ඇති ව තිබෙනවා.

භූමිකම්පාවේ අපකේන්ද්‍රීය ලක්ෂ්‍යය සැන් ෆ්‍රැන්සිස්කෝ සිට උතුරින් 260 සැතපුම් (418km) පමණ දුරින් Humboldt County හි කුඩා නගරයක් වන කැලිෆෝනියාවේ Ferndale නගරයට ආසන්නව හටගත් බවයි වාර්තා වන්නේ.

ප්‍රාදේශීය බලධාරීන් පැවසුවේ භූමිකම්පාවෙන් පසු කිසිදු මරණයක් හෝ විශාල හානියක් වාර්තා වී නොමැති අතර එය මේ වසරේ ගෝලීය වශයෙන් ඇති වූ රික්ටර් පරිමාණ 7ක අගයකින් යුත් භූමිකම්පා 09න් එකක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාව දිනෙව්වේ නැත්තම් සල්ලි දෙන්නේ නෑලු
14:50
Video thumbnail
මෝදිත් ජනපතිගේ ඔළුවෙන්ම මේ පාර තමයි කලිසම ගලවන්නේ
20:14
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
<p>?</p>