කැලණිය අවට විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් අද රථවාහන ගමනා ගමනය සීමා කර ඇතැයි පොලිසිය පවසනවා.

දුරුතු මහා පෙරහැර 24 වනදා රාත්‍රී 08 සිට පසු දින අලුයම 03 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

එම පෙරහැරට සමගාමීව පැවැත්වෙන දේවදූත පෙරහර අද (21) සවස 3 සිට රාත්‍රි 8 දක්වා වීථි සංචාරය කෙරෙනවා.

කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන එම පෙරහැර පෑලියගොඩ මාර්ගයේ පිලපිටිය හන්දිය දක්වා වීදී සංචාරය කර ගෝනගම්පළ මාර්ගයෙන් වරාගොඩ මාර්ගයට පිවිසෙන බවයි පොලිසිය පැවසුවේ.

ඉන් අනතුරුව වරාගොඩ මාර්ගයෙන් ගමන් ගන්නා පෙරහැර ගල්බොරැල්ල, වළංකඩ හන්දියෙන් දකුණට හැරී විහාර මාවත ඔස්සේ කැලණි රජමහා විහාරස්ථානයේ නවලෝක වාහල්කඩින් ගෙවදීමට නියමිතයි.

ඒ අනුව, මෙම කාලසීමාව තුළ අදාළ මාර්ගවල ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

දුරුතු මහා පෙරහැර ලබන 24 වනදා රාත්‍රී 8 සිට පසුදා අලුයම 3 දක්වා වීදි සංචාරය කෙරෙනවා.

කැලණිසිරි වටරවුමෙන් බියගම මාර්ගය ඔස්සේ ගමන් කර විහාර මාවත, වාහල්කඩ හන්දියෙන් දකුණට හැරී බස් නැවතුම අසලින් බියගම මාර්ගයට පිවිසෙන දුරුතු මහා පෙරහැර බියගම මාර්ගයේ වාහල්කඩින් කැලණිය රජමහා විහාරස්ථානයට ගෙවදීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව එම කාල සීමාවේදී අදාළ මාර්ගයන් භාවිත කරන රියදුරන්ට හා මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කළා.

බියගම හා දෙල්ගොඩ දෙසට ගමන් කරන රථවාහන පෑලියගොඩ, කිරිබත්ගොඩ හරහා සපුගස්කන්ද ඔස්සේ බියගම හා දෙල්ගොඩ දෙසට ගමන් කළ හැකියි.

බියගම හා දෙල්ගොඩ දෙස සිට කිරිබත්ගොඩ, පෑලියගොඩ හරහා කොළඹ දෙසට ගමන් කරන රථවාහනවලට සපුගස්කන්ද හරහා කොළඹ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

පෑලියගොඩ දෙස සිට කැලණිය හරහා වැල්ලම්පිටිය, කැලණිමුල්ල, මුල්ලේරියාව හා කඩුවෙල දෙසට ගමන් කරන රථවාහන බේස්ලයින් මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත හන්දියෙන් වමට හැරී අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ වැල්ලම්පිටිය, අඹතලේ හා කඩුවෙල දෙසට ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කළා.

කඩුවෙල, වැල්ලම්පිටිය, කැලණිමුල්ල හා මුල්ලේරියාව දෙස සිට කැලණිය හරහා පෑලියගොඩ දෙස සිට ගමන් කරන රථවාහන අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත හන්දියෙන් දකුණට හැරී බේස්ලයින් මාර්ගය ඔස්සේ පෑලියගොඩ දෙසට ගමන් කළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?