කැලණිය අවට විශේෂ රථ වාහන සැලැස්මක්

කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහැර හේතුවෙන් අද රථවාහන ගමනා ගමනය සීමා කර ඇතැයි පොලිසිය පවසනවා.

දුරුතු මහා පෙරහැර 24 වනදා රාත්‍රී 08 සිට පසු දින අලුයම 03 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

එම පෙරහැරට සමගාමීව පැවැත්වෙන දේවදූත පෙරහර අද (21) සවස 3 සිට රාත්‍රි 8 දක්වා වීථි සංචාරය කෙරෙනවා.

කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන එම පෙරහැර පෑලියගොඩ මාර්ගයේ පිලපිටිය හන්දිය දක්වා වීදී සංචාරය කර ගෝනගම්පළ මාර්ගයෙන් වරාගොඩ මාර්ගයට පිවිසෙන බවයි පොලිසිය පැවසුවේ.

ඉන් අනතුරුව වරාගොඩ මාර්ගයෙන් ගමන් ගන්නා පෙරහැර ගල්බොරැල්ල, වළංකඩ හන්දියෙන් දකුණට හැරී විහාර මාවත ඔස්සේ කැලණි රජමහා විහාරස්ථානයේ නවලෝක වාහල්කඩින් ගෙවදීමට නියමිතයි.

ඒ අනුව, මෙම කාලසීමාව තුළ අදාළ මාර්ගවල ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

දුරුතු මහා පෙරහැර ලබන 24 වනදා රාත්‍රී 8 සිට පසුදා අලුයම 3 දක්වා වීදි සංචාරය කෙරෙනවා.

කැලණිසිරි වටරවුමෙන් බියගම මාර්ගය ඔස්සේ ගමන් කර විහාර මාවත, වාහල්කඩ හන්දියෙන් දකුණට හැරී බස් නැවතුම අසලින් බියගම මාර්ගයට පිවිසෙන දුරුතු මහා පෙරහැර බියගම මාර්ගයේ වාහල්කඩින් කැලණිය රජමහා විහාරස්ථානයට ගෙවදීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව එම කාල සීමාවේදී අදාළ මාර්ගයන් භාවිත කරන රියදුරන්ට හා මහජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කළා.

බියගම හා දෙල්ගොඩ දෙසට ගමන් කරන රථවාහන පෑලියගොඩ, කිරිබත්ගොඩ හරහා සපුගස්කන්ද ඔස්සේ බියගම හා දෙල්ගොඩ දෙසට ගමන් කළ හැකියි.

බියගම හා දෙල්ගොඩ දෙස සිට කිරිබත්ගොඩ, පෑලියගොඩ හරහා කොළඹ දෙසට ගමන් කරන රථවාහනවලට සපුගස්කන්ද හරහා කොළඹ දෙසට ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

පෑලියගොඩ දෙස සිට කැලණිය හරහා වැල්ලම්පිටිය, කැලණිමුල්ල, මුල්ලේරියාව හා කඩුවෙල දෙසට ගමන් කරන රථවාහන බේස්ලයින් මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත හන්දියෙන් වමට හැරී අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ වැල්ලම්පිටිය, අඹතලේ හා කඩුවෙල දෙසට ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කළා.

කඩුවෙල, වැල්ලම්පිටිය, කැලණිමුල්ල හා මුල්ලේරියාව දෙස සිට කැලණිය හරහා පෑලියගොඩ දෙස සිට ගමන් කරන රථවාහන අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්ත හන්දියෙන් දකුණට හැරී බේස්ලයින් මාර්ගය ඔස්සේ පෑලියගොඩ දෙසට ගමන් කළ හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32