කැප්පෙටිපොළ භූතයා සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 19 දෙනෙක් මාට්ටු

කැප්පෙටිපොළ ප්‍රදේශයේ අවට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදා හරින භූතයා ලෙසට අන්වර්ථ නාමයකින් පෙනී සිටින පුද්ගලයා සහ තවත් බෙදාහරින්නෙක් සමඟ හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයේ නියැළෙන පුද්ගලයන් 18 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැප්පෙටිපොළ අවට ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදා හරින භුතයා ලෙසට අන්වර්ථ නාමයකින් පෙනි සිටින පුද්ගලයා සහ තවත් බෙදාහරින්නෙක් සමග හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ නියැළෙන පුද්ගලයන් 18 දෙනෙක් ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගත් බව කැප්පෙටිපොළ පොලිසිය පවසනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙසට වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ නියෝගයකට අනුව මෙම වැටලිම් සිදුකළ බවයි වාර්තාවන්නේ.

දිගුකලක් සිදුකළ පරික්ෂණවලට අනුව ලබාගත් තොරතුරුවලට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වී ඇති අතර ඌවපරණගම මැදවෙල ප්‍රදේශයේ පදිංචී ප්‍රධාන සැකකාර භූතයා යන අනුවර්ථ නමින් හැදින්වෙන සැකකරු රත්නපුර ප්‍රදේශයේ සිට හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය රැගෙන එන බවට අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට පත් අනෙක් බෙදාහරින සැකකරු සමග ජංගම දුරකථන ඔස්සේ ඊෂී කෑෂ් හා එම්කෑෂ් ක්‍රමයට හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය අළෙවි කිරිමේ නියැළි සිටි ඇති බවයි පැවසෙන්නේ. .

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරිම තුළින් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවූවන් 16දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැප්පෙටිපොළ, හග්ගල, බොරගස්, නුවරඑළිය, නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචී වයස අවුරුදු 20 – 40 අතර වයසසේ පසුවන්නන් බවත් පොලිසිය පවසයි. වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණ කළාපයේ මත්ද්‍රව්‍ය පිළිබදව එකවර මෙතරම් පිරිසක් අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත් කැප්පෙටිපොළ පොලිසිය පවසනවා.

සැකකරුවන් සන්තකයේ තිබි සොයාගත් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් 18 දෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40
Video thumbnail
දැන් කිසිම පෝලිමක් නෑ - කවුරුත් කලබල වෙන්න එපා
05:06
Video thumbnail
තෙල් නැවක් ගෙනාවත් මදිනේ..මිනිස්සු දවසට දෙපාර තුන්පාර එනවා..ඉන්ධන පොම්පකරුවන් මැසිවිලි නගයි
01:40
Video thumbnail
හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා - මානසික ලෙඩක් ද
00:46
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26