Empty Ad
AFC Banner
Empty Ad

කැත්තකින් පහර කෑ අයියා – මලෝ දෙදෙනා සෙත්තපෝච්චි වෙයි

බද්දේගම – මද්දෙවිල, මිරිස්වත්ත ව්‍යාපෘතිය අසල මාර්ගයේ දී දෙපාර්ශ්වයක් අතර ඇති වූ ආරවුලකින් එක් අයෙකු කැත්තකින් සිදු කළ පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම පහරදීම ඊයේ (27) රාත්‍රියේ දී සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අදාළ පහරදීමෙන් මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරයින් බවත් වාර්තා වනවා.

ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දෙදෙනා එච්.කේ. අජිත් කුමාර හා එච්.කේ. උපුල් යන අයයි.

පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන ඩී.කේ. සුනිල්, කේ.ඩී. සුනිල් ජයන්ත සහ ඉන්දික මනෝජ් කුමාර නමැති අයයි.

තුවාලකරුවන් කරාපිටිය හා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?