AFC Banner
Empty Ad
Empty Ad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

දෙරට අතර පෙරේදා පැවති තරගයෙන් ඉන්දියාවට ලකුණු 67ක ජයක් හිමිවුණා.

අද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුව ඇති අතර ආබාධ හේතුවෙන් පැතුම් නිස්සංක කණ්ඩායමට කැඳවා නැහැ.

එමෙන්ම ඩිල්ෂාන් මදුෂංකට ද අද තරගය අහිමි වී ඇත්තේ උරහිසේ ආබාධයක් හේතුවෙන්. නුවනිඳු ප්‍රනාන්දු අද එක්දින වරම් හිමිකර ගත් අතර ඩිල්ෂාන් මදුෂංක වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චහාල් වෙනුවෙන් කුල්දීප් යාදෙව් කණ්ඩායමට කැඳවා ඇති බවයි ඉන්දීය නායක රෝහිත් ශර්මා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?