කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය ගැන ඉදිරිපත් වූ පෙත්සමක් භාරගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සමක් භාර ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ, අදාළ පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් මෙලෙස පෙත්සම් ඉදිරිපත් කිරීම හරහා සන්නද්ධ හමුදාවන් අධෛර්යමත් වනු ඇති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා.

ජම්මු සහ කාශ්මීරයේ පදිංචිකරුවන් තුන්දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිිරිපත් කර තිබෙන බවත් වාර්තා වනවා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙතරම් බරපතළ කාලයක දී ඉන්දියානුවන් එක්ව සිටිය යුතු අතර පෙත්සම්කරුවන් වගකිමෙන් යුතු හැසිරිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?