කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරය ගැන ඉදිරිපත් වූ පෙත්සමක් භාරගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

දකුණු කාශ්මීරයේ පෙහෙල්ගාම්හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සමක් භාර ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වාදෙන්නේ, අදාළ පෙත්සම තුළින් ඉල්ලා ඇත්තේ පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් මෙලෙස පෙත්සම් ඉදිරිපත් කිරීම හරහා සන්නද්ධ හමුදාවන් අධෛර්යමත් වනු ඇති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබෙනවා.

ජම්මු සහ කාශ්මීරයේ පදිංචිකරුවන් තුන්දෙනෙකු විසින් අදාළ පෙත්සම ඉදිිරිපත් කර තිබෙන බවත් වාර්තා වනවා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙතරම් බරපතළ කාලයක දී ඉන්දියානුවන් එක්ව සිටිය යුතු අතර පෙත්සම්කරුවන් වගකිමෙන් යුතු හැසිරිය යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50