Empty Ad
AFC Banner
Empty Ad

කාරක සභාවල නිර්දේශ හා විමර්ශන ගැන සොයා බලන්න විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි (ඡායාරූප)

කෝප් සහ කෝපා කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය සඳහා මැලේසියාව, ඉන්දියාව ආදී රටවල ක්‍රියාත්මක වන ආකාරයේ යාන්ත්‍රණයක් සැකසිය යුතු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය කිරීම සඳහා වූ අනු කාරක සභාවේ දී යෝජනා වී තිබෙනවා.

පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; දැනට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් ලබාදෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම සහ ක්‍රියාත්මක නොවීම පිළිබඳ පසුවිපරම් කිරීමටත් ඒ සම්බන්ධ ව අදාළ පියවර ගැනීම සඳහාත් නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළ ව මෙම නව යාන්ත්‍රණය සැකසීම වැදගත් වන බවයි.

මේ වන විට කෙටුම්පත් කර ඇති නිර්දේශ සහිත වාර්තාව පිළිබඳ ව කරුණු ද මෙහිදී සාකච්ඡා වුණු අතර කෝපා සහ කෝප් කාරක සභා නිර්දේශ අදාළ කාරක සභාවේ තීරණය පරිදි නීතිපතිවරයාට යොමු කිරීමට අමතර ව අල්ලස් හෝ දූෂණ
චෝදනා විමර්ශන කොමිෂන් සභාව හෝ වෙනත් නීතිය බලාත්මක කරන ආයතනයක් වෙත යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එම ආයතනවලට ද ඒ පිළිබඳ පියවර ගැනීම සදහා නිශ්චිත කාලරාමුවක් හඳුන්වා දිය යුතු බවයි මෙහිදී දැනුම්වත් කෙරුණේ.

මැලේසියාව, ඉන්දියාව වැනි රටවල ද මෙම කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සදහා විශේෂිත යාන්ත්‍රණයක් සහ ආයතනයක් පවතින බවත් එවැනි යාන්ත්‍රණයක් මෙරට ඇති කළ යුතු බවත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

අවසන් වාර්තාව කෝප් සහ කෝපා කාරක සභා ඒකාබද්ධව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමටත් තීරණයක්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය සඳහා පත්කර ඇති අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18) දින රැස් වූ අවස්ථාවේ දීයි මේ බව අනාවරණය කෙරුණේ.

COPA Sub Committee 20240618 5
COPA Sub Committee 20240618 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>