කාරක සභාවල නිර්දේශ හා විමර්ශන ගැන සොයා බලන්න විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි (ඡායාරූප)

කෝප් සහ කෝපා කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය සඳහා මැලේසියාව, ඉන්දියාව ආදී රටවල ක්‍රියාත්මක වන ආකාරයේ යාන්ත්‍රණයක් සැකසිය යුතු බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය කිරීම සඳහා වූ අනු කාරක සභාවේ දී යෝජනා වී තිබෙනවා.

පාර්ලිමේන්තු මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ; දැනට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් ලබාදෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම සහ ක්‍රියාත්මක නොවීම පිළිබඳ පසුවිපරම් කිරීමටත් ඒ සම්බන්ධ ව අදාළ පියවර ගැනීම සඳහාත් නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළ ව මෙම නව යාන්ත්‍රණය සැකසීම වැදගත් වන බවයි.

මේ වන විට කෙටුම්පත් කර ඇති නිර්දේශ සහිත වාර්තාව පිළිබඳ ව කරුණු ද මෙහිදී සාකච්ඡා වුණු අතර කෝපා සහ කෝප් කාරක සභා නිර්දේශ අදාළ කාරක සභාවේ තීරණය පරිදි නීතිපතිවරයාට යොමු කිරීමට අමතර ව අල්ලස් හෝ දූෂණ
චෝදනා විමර්ශන කොමිෂන් සභාව හෝ වෙනත් නීතිය බලාත්මක කරන ආයතනයක් වෙත යොමු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.

එම ආයතනවලට ද ඒ පිළිබඳ පියවර ගැනීම සදහා නිශ්චිත කාලරාමුවක් හඳුන්වා දිය යුතු බවයි මෙහිදී දැනුම්වත් කෙරුණේ.

මැලේසියාව, ඉන්දියාව වැනි රටවල ද මෙම කාරක සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සදහා විශේෂිත යාන්ත්‍රණයක් සහ ආයතනයක් පවතින බවත් එවැනි යාන්ත්‍රණයක් මෙරට ඇති කළ යුතු බවත් මෙහිදී සාකච්ඡා කෙරුණා.

අවසන් වාර්තාව කෝප් සහ කෝපා කාරක සභා ඒකාබද්ධව පාර්ලිමේන්තුවට කඩිනමින් ඉදිරිපත් කිරීමටත් තීරණයක්
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය සඳහා පත්කර ඇති අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (18) දින රැස් වූ අවස්ථාවේ දීයි මේ බව අනාවරණය කෙරුණේ.

COPA Sub Committee 20240618 5
COPA Sub Committee 20240618 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09