AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවන් දෙදෙනකුට අමානුෂික පහරදීමක්

මුහුණු ආවරණය කරගත් තිදෙනකු නිවසක දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; පානදුර – මාදුපිටිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනකු මෙලෙස පහරකෑමට ලක්ව ඇති බවයි.

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පහරදීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

කාන්තාවන් දෙදෙනා අත්පාවලට සිදු වූ තුවාල සහිතව පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

පින්වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?