ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන දැඩි තීරණයක් ගනියි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඊයේ (07) පැවති විධායක කමිටු රැස්වීමේදී විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් සහ විශ්‍රාම ගත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් එම තීරණ ගත් බවයි.

ඒ අනුව,

  1. ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශ්‍රාම යාමට අදහස් කරන බවට මාස තුනකට පෙර දැනුම්දිය යුතුය.
  2. විශ්‍රාම ගන්නා ක්‍රීඩකයින් සඳහා විදේශීය ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට ‘‘විරෝධතාවයක් නොමැති බවට වූ සහතික’’ (NOCs) නිකුත් කරනු ලබන්නේ ඔවුන්ගේ නිල විශ්‍රාම ගැනීමේ දිනයේ සිට මාස 6ක් සම්පූර්ණ කර ඇති ක්‍රීඩකයින්ට පමණි.
  3. විශ්‍රාමික ජාතික ක්‍රීඩකයින් LPL වැනි දේශීය ලීග් සඳහා සුදුසුකම් ලබන්නේ, ඔවුන් දේශීය ක්‍රිකට් තරගවලදී තරග 80% ක් ක්‍රීඩා කර ඇත්නම් පමණි.

ඉහත තීරණ වහාම ක්‍රියාත්මකවීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?