ක්‍රිකට් ක්‍රීඩකයින් ගැන දැඩි තීරණයක් ගනියි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඊයේ (07) පැවති විධායක කමිටු රැස්වීමේදී විශේෂ තීරණ කිහිපයක් ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් සහ විශ්‍රාම ගත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් එම තීරණ ගත් බවයි.

ඒ අනුව,

  1. ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට අදහස් කරන ක්‍රීඩකයින් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශ්‍රාම යාමට අදහස් කරන බවට මාස තුනකට පෙර දැනුම්දිය යුතුය.
  2. විශ්‍රාම ගන්නා ක්‍රීඩකයින් සඳහා විදේශීය ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට ‘‘විරෝධතාවයක් නොමැති බවට වූ සහතික’’ (NOCs) නිකුත් කරනු ලබන්නේ ඔවුන්ගේ නිල විශ්‍රාම ගැනීමේ දිනයේ සිට මාස 6ක් සම්පූර්ණ කර ඇති ක්‍රීඩකයින්ට පමණි.
  3. විශ්‍රාමික ජාතික ක්‍රීඩකයින් LPL වැනි දේශීය ලීග් සඳහා සුදුසුකම් ලබන්නේ, ඔවුන් දේශීය ක්‍රිකට් තරගවලදී තරග 80% ක් ක්‍රීඩා කර ඇත්නම් පමණි.

ඉහත තීරණ වහාම ක්‍රියාත්මකවීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?