ක්‍රිකට් නංවන්න අයවැයෙන් යෝජනාවක්

පාසල් ක්‍රිකට් සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් වෙන් කිරීමට නව අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

රටේ ක්‍රිකට් මේ වනවිට දැඩි අර්බුදයකට පත් ව ඇති පසුබිමකයි ජනාධිපතිවරයා මේ තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මීට අමතර ව 2024 අයවැයෙන් ආගමික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ද අවධානය යොමු ව තිබෙනවා.

මහා විහාරය කේන්ද්‍ර කරගනිමින්; විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට කළ යෝජනාවේ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 450ක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට ද රුපියල් මිලියන 200ක් වෙන් කෙරුණා.

මීට අමතර ව නාගරික ආර්ථික දියුණුව වෙනුවෙන් බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුපියල් මිලියන 250ක් වෙන් කර තිබෙනවා.

අතුරුදන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1000ක් මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා මිලියන 2500ක් ද, පූනරීන් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 500ක් ද, යාපනයේ පවතින පානීය ජල ගැටලුව නිරාකරණය සඳහා ජල ව්‍යාපෘතියක් ද ගොඩනැගීමට යෝජනා වී තිබෙනවා.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා නීති හඳුන්වාදෙන බවයි ජනපතිවරයා පැවසුවේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ නීති හඳුන්වාදීමට කටයුතු කිරීමට යෝජනාවක් ඉදිරිපත් ව ඇති අතර;
වතු ඉඩම්වල නිවාස සංකීර්ණ සහ නව වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීමට ද කටයුතු කෙරෙනු ඇති.

කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් ඇරඹීමටයි 2024 අයවැයෙන් යෝජනා වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?