ක්‍රිකට් නංවන්න අයවැයෙන් යෝජනාවක්

පාසල් ක්‍රිකට් සංවර්ධනයට රුපියල් බිලියන 1.5ක් වෙන් කිරීමට නව අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

රටේ ක්‍රිකට් මේ වනවිට දැඩි අර්බුදයකට පත් ව ඇති පසුබිමකයි ජනාධිපතිවරයා මේ තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මීට අමතර ව 2024 අයවැයෙන් ආගමික ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ද අවධානය යොමු ව තිබෙනවා.

මහා විහාරය කේන්ද්‍ර කරගනිමින්; විශ්වවිද්‍යාලයක් ඉදිකිරීමට කළ යෝජනාවේ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 450ක් වෙන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මහනුවර බෞද්ධ ශිෂ්ටාචාර කෞතුකාගාරයක් ස්ථාපිත කිරීමට ද රුපියල් මිලියන 200ක් වෙන් කෙරුණා.

මීට අමතර ව නාගරික ආර්ථික දියුණුව වෙනුවෙන් බණ්ඩාරවෙල ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුපියල් මිලියන 250ක් වෙන් කර තිබෙනවා.

අතුරුදන් වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම සඳහා තවත් රුපියල් මිලියන 1000ක් මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා.

පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය සඳහා මිලියන 2500ක් ද, පූනරීන් සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 500ක් ද, යාපනයේ පවතින පානීය ජල ගැටලුව නිරාකරණය සඳහා ජල ව්‍යාපෘතියක් ද ගොඩනැගීමට යෝජනා වී තිබෙනවා.

කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා නීති හඳුන්වාදෙන බවයි ජනපතිවරයා පැවසුවේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ නීති හඳුන්වාදීමට කටයුතු කිරීමට යෝජනාවක් ඉදිරිපත් ව ඇති අතර;
වතු ඉඩම්වල නිවාස සංකීර්ණ සහ නව වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීමට ද කටයුතු කෙරෙනු ඇති.

කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා නව වැඩසටහනක් ඇරඹීමටයි 2024 අයවැයෙන් යෝජනා වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37