ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් එක්කළ ඉන්දීය කණ්ඩායම ගැන පාකිස්තානයෙන් දැඩි තීරණයක්

2025 ආසියානු කුසලාන තරගාවලියේ පැවති තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන්, ඉන්දියාවට එරෙහිව නිල වශයෙන් විරෝධතාවයක් ගොනු කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වනවා.

පාකිස්තාන ක්‍රීඩකයින් සමඟ ඇති සියලුම මිත්‍රශීලී අභිනයන් නොසලකා හැරීමට ඉන්දීය කණ්ඩායම ගත් තීරණය පිළිබඳව මේ වනවිට ලොව පුරා කතාබහට ලක්වන කරුණක් බවට පත්ව තිබෙනවා.

සින්ඩූර් මෙහෙයුමේදී ජීවිත අහිමි වූ සොල්දාදුවන්ට මෙන්ම පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේදී ඛේදජනක ලෙස මියගිය සිවිල් වැසියන්ට ගෞරව කිරීම සඳහා, ඉන්දීය කණ්ඩායම පාකිස්තාන ක්‍රීඩකයින් සමඟ අතට අත දීමෙන් වැළකී සිටියා.

එම ක්‍රියාව පාකිස්තාන නායක සල්මන් සහ ඔහුගේ කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරවන සිදුවීමක් බවට පත් වුණා.

කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී පාකිස්තාන නායක සල්මාන් ගෙන් ඉන්දීය නායක සූර්යකුමාර් සමඟ අතට අත නොදෙන ලෙස ඉල්ලා සිටි බවයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේ.

ඉන්දියාවේ තීරණය ‘ක්‍රීඩාශීලී නොවන’ එකක් ලෙස හඳුන්වනු ලැබූ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් විරෝධතාවයක් පළ කිරීමට තීරණය කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණය තහවුරු කළ අතර, එහි මෙසේ සඳහන්: “තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් කාසියේ වාසිය දිනාගන්නා අවස්ථාවේ දී නායක සල්මාන් අලි අගාගෙන් තම ඉන්දීය සහකරු සමඟ අතට අත නොදෙන ලෙස ඉල්ලා සිටියා. එම හැසිරීම ක්‍රීඩා ආත්මයට පටහැනි බව පවසමින් පාකිස්තාන කණ්ඩායම් කළමණාකාරිත්වය විරෝධතාවක් ගොනු කර තිබෙනවා.”

මේ අතර තරඟයෙන් පසු ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාව මඟ හැරීමට නායක සල්මාන් ගත් තීරණය ඉන්දීය කණ්ඩායමට එරෙහි විරෝධතාවක් බව ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර සිටියා.

එමෙන්ම එම අවස්ථාවේ ප්‍රධාන සත්කාරකයා ද ඉන්දියානුවෙක් වීම සල්මාන්ගේ එම තීරණයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

සූර්යකුමාර් සහ සල්මාන් අතර අතට අත දීම කාසියේ වාසිය දිනාගැනීමේ දී සිදුනොවූ අතර, ඇතැම් විට තරඟ තීරකගේ උපදෙස් මත එය සිදුවිය හැකි බව සඳහන් කරන පාකිස්තාන ක්‍රිකට්, තරගයෙන් පසුව පවා ඉන්දීය කණ්ඩායම පාකිස්තාන ක්‍රීඩකයින්ට දෑත් සොලවා හෝ ඔවුන් සමඟ සංවාදවල නිරත නොවී කෙලින්ම ක්‍රීඩක විවේකාගාරය වෙත යාම මහත්මාවරුන්ගේ ක්‍රීඩාවට එල්ල කළ කළු පැල්ලමක් බවයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.

කෙසේ වෙතත් තරගයෙන් පසු, සූර්යකුමාර් පැහැදිලි කළේ අතට අත නොදීම යනු පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට ඉන්දීය ක්‍රීඩකයින් විසින් සිදුකරන ලද උපහාරයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
72
+1
91
+1
12
+1
19
+1
23
+1
191
Subscribe
Notify of
13 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47