ක්‍රිකට් ක්‍රීඩාවට කළු පැල්ලමක් එක්කළ ඉන්දීය කණ්ඩායම ගැන පාකිස්තානයෙන් දැඩි තීරණයක්

2025 ආසියානු කුසලාන තරගාවලියේ පැවති තරඟයේදී ඉන්දීය කණ්ඩායමේ හැසිරීම සම්බන්ධයෙන්, ඉන්දියාවට එරෙහිව නිල වශයෙන් විරෝධතාවයක් ගොනු කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වනවා.

පාකිස්තාන ක්‍රීඩකයින් සමඟ ඇති සියලුම මිත්‍රශීලී අභිනයන් නොසලකා හැරීමට ඉන්දීය කණ්ඩායම ගත් තීරණය පිළිබඳව මේ වනවිට ලොව පුරා කතාබහට ලක්වන කරුණක් බවට පත්ව තිබෙනවා.

සින්ඩූර් මෙහෙයුමේදී ජීවිත අහිමි වූ සොල්දාදුවන්ට මෙන්ම පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේදී ඛේදජනක ලෙස මියගිය සිවිල් වැසියන්ට ගෞරව කිරීම සඳහා, ඉන්දීය කණ්ඩායම පාකිස්තාන ක්‍රීඩකයින් සමඟ අතට අත දීමෙන් වැළකී සිටියා.

එම ක්‍රියාව පාකිස්තාන නායක සල්මන් සහ ඔහුගේ කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කරවන සිදුවීමක් බවට පත් වුණා.

කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී පාකිස්තාන නායක සල්මාන් ගෙන් ඉන්දීය නායක සූර්යකුමාර් සමඟ අතට අත නොදෙන ලෙස ඉල්ලා සිටි බවයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය කියා සිටියේ.

ඉන්දියාවේ තීරණය ‘ක්‍රීඩාශීලී නොවන’ එකක් ලෙස හඳුන්වනු ලැබූ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිල වශයෙන් විරෝධතාවයක් පළ කිරීමට තීරණය කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණය තහවුරු කළ අතර, එහි මෙසේ සඳහන්: “තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් කාසියේ වාසිය දිනාගන්නා අවස්ථාවේ දී නායක සල්මාන් අලි අගාගෙන් තම ඉන්දීය සහකරු සමඟ අතට අත නොදෙන ලෙස ඉල්ලා සිටියා. එම හැසිරීම ක්‍රීඩා ආත්මයට පටහැනි බව පවසමින් පාකිස්තාන කණ්ඩායම් කළමණාකාරිත්වය විරෝධතාවක් ගොනු කර තිබෙනවා.”

මේ අතර තරඟයෙන් පසු ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාව මඟ හැරීමට නායක සල්මාන් ගත් තීරණය ඉන්දීය කණ්ඩායමට එරෙහි විරෝධතාවක් බව ද පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර සිටියා.

එමෙන්ම එම අවස්ථාවේ ප්‍රධාන සත්කාරකයා ද ඉන්දියානුවෙක් වීම සල්මාන්ගේ එම තීරණයට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.

සූර්යකුමාර් සහ සල්මාන් අතර අතට අත දීම කාසියේ වාසිය දිනාගැනීමේ දී සිදුනොවූ අතර, ඇතැම් විට තරඟ තීරකගේ උපදෙස් මත එය සිදුවිය හැකි බව සඳහන් කරන පාකිස්තාන ක්‍රිකට්, තරගයෙන් පසුව පවා ඉන්දීය කණ්ඩායම පාකිස්තාන ක්‍රීඩකයින්ට දෑත් සොලවා හෝ ඔවුන් සමඟ සංවාදවල නිරත නොවී කෙලින්ම ක්‍රීඩක විවේකාගාරය වෙත යාම මහත්මාවරුන්ගේ ක්‍රීඩාවට එල්ල කළ කළු පැල්ලමක් බවයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ.

කෙසේ වෙතත් තරගයෙන් පසු, සූර්යකුමාර් පැහැදිලි කළේ අතට අත නොදීම යනු පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට ඉන්දීය ක්‍රීඩකයින් විසින් සිදුකරන ලද උපහාරයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
72
+1
91
+1
12
+1
19
+1
23
+1
191
Subscribe
Notify of
13 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?