කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ, වස්කඩුව ප්‍රදේශයේ ලී මෝලක අද උදෑසන ඇති වූ ගින්නකින් පදම් කළ ලැලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වෙයි.
කළුතර නගර සභාවේ ගිනි නිවන රථ දෙකක් යොදා , කළුතර උතුර පොලිසිය ප්‍රදේශවාසීන් ගේද සහාය ඇතිව මේ වනවිටත් ගින්න පාලනය කරමින් සිටී .
පදම් කර වේලන ලද ලී සහ ලෑලි ගබඩාකරණ කොටසේ ගින්න හට ගෙන තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර , විශාල ලී සහ ලෑලි ප්‍රමාණයක් විනාශ වී තිබූ අයුරු දැකගත හැකි විය .
ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1






