කසාද බැන්දම ළමයි හදන්නම ඕන කියන අයටත් ජීවත් වෙන්න කසාදයක් ඕනමයි කියන අයටත් කනේ පහරක්

ජීවත් වෙන්න කසාදයක් ඕනෑම යැයි සිතන මිනිසුන්ට මන් සිනහා වෙමි, කසාඳ බැන්දානම් දරුවෙක් හදන්නටම ඕනෑයැයි කියන මිනිසුන්ට අනුකම්පා කරමි

ඇත්තෙන්ම විවාහය කොළයකට ලඝු කිරීම පිළිකුල් කරමි. ප්‍රේමයේ සුරක්ශිත බව කසාද කොළයකින් බලාපොරොත්තු වීම ඊටත් වඩා විහිලුවක් බව සිතමි. ආදරය කරමි, ආදරය ලබමි. ඉන් එහා සුරක්ශිත දෙයක් නොදකිමි.

විවාහ වීත් නොවීත් සතුටින් එකට සිටින අය දකිමි, විවාහා වීත් නොවීත් පව් ගෙවන කරුම සබඳතා දකිමි. දරුවන් නිසා සතුටින් සිටිනු දකිමි, දරුවන් නිසා ජීවිතයේ අවසාන භාගයේත් දුක් විදිනා අය දකිමි. දෙමාපියන් නිසා සතුටින් සිටිනු දකිමි, ඒ නිසා දුක් විදිනා අයද දකිමි.

දරුවන්ට පෙම් කරමි, සැබවින්ම ආසා කරමි, එහෙත් අම්මා තාත්තා, සීයා ආච්චී කිරීමට දරුවන් සෑදීමට විරුද්ධ වෙමි.

දරුවෙක්ට සැප දෙන්න පුලුවන් ආර්ථික මානසික සමාජීය පසුබිමක් ඇති නිසා කොටින්ම කීවෝත් ‘අපි රෙඩී’ නිසා දරුවන් සෑදීම ගැනත් දරුවන්ට ආදරේ නිසා දරුවන් සෑදීම ගැන මෑතක් වන තුරුම එකඟ වී සිටියෙමි. එහෙත් තව දුරටත් එහිත් අරුතක් නොදකිමි.

මොන සැප දී හැදුවත්, දෙමාපියන්ට දරුවා සදහා තරග හෝ විභාග ලියන්නට බැරි බවත්, අසනීපයක් තමාගේ ශරීරයට ගන්නට බැරි බවත්, රැවටීමක් වංචාවක් නිසා වන සිත් වේදනාවක් වැලැක්වන්නට බැරි බවත්, කොටින්ම ඔවුන් වෙනුවෙන් ජීවන සටන ගෙන යන්නට නොහැකි බවත් ජීවිතය තුලින්ම දැකිමි.

ඉදින් මා මගේ නූපන් දරුවාට ආදරය කරමි. ඔහු හෝ ඇය ඒ ශාරිරික හෝ මානසික වේදනා විදිය යුතු නැති බව විශ්වාස කරමි. ඉපදීම දුකක් බව සිතමි.

ඒත් ඉපදී දුක් විදිනා දරුවෙකුගේ ජීවිතය දිනක පහසු කරන්නට ආසා කරමි. දිනෙක, දහස් ගනනක් වූ අසරණ ජීවිත එකක හෝ දෙකක ඉරණම නැවත ලියන්නට මඟ බලා සිටිමි.

දරුවන් වැදූ, හැදූ හැම මවකටම ආදරය කරමි, ඒ අසීමිත කැපකිරීම් අගයමි. එහෙත් ගෲශාව අදහමි.

උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46