ලෝක ජනාවාස දිනය අදයි

ලෝක ජනාවාස දිනය අදට දී තිබෙනවා.

ප්‍රමාණවත් නවාතැන් සඳහා සැමට ඇති මූලික අයිතිය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම වසරකම ඔක්තෝබර් මාසයේ
පළමු සඳුදා දින ගෝලීය වශයෙන් ලෝක ජනාවාස දිනය සමරනු ලබනවා.

මෙම වසරේ ලෝක ජනාවාස දිනය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ නිල තේමාව වන්නේ “සැමට ප්‍රමාණවත් නිවාස” යන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ලෝක ජනගහනයෙන් බිලියන තුනකට අධික පිරිසක් අවිධිමත් නිවාසවල ජීවත්වන බවයි.

එමෙන්ම ස්ථිර වාසස්ථානයක් නොමැති පිරිස බිලියන 1.1කට අධික බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා.

මේ අතර, අදට යෙදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයින පුරා නිවාස 5,000ක් ජනතා අයිතියට පත්කිරීමේ විශේෂ වැඩසටහනක් සැලසුම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළා.