බද්දේගම ත්‍රිත්ව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

පසුගිය සැප්තැම්බර් මස 27 වනදා බද්දේගම පොලිස් වසමේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කර තිබූ විමර්ශනවල ප්‍රතිපලයක් ලෙස මෙම සැකකරු ඊයේ (04) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී ඊයේ (04) අලුයම් කාලයේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අවුරුදු 27ක වන කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු පැය 48ක රැඳවුම් නියෝග මත ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.