හත්වන සමාලෝචනය අවසන් කිරීමට IMF සහ ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘විස්තීරණ අරමුදල් පහසුකම’ මගින් සහාය ලබන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 07 වන සමාලෝචනය අවසන් කිරීම සඳහා වන ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්, එම අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 345ක පමණ මූල්‍ය පහසුකමක් ලබාගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ, අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබාදී ඇති සමස්ත මූල්‍ය සහාය ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යනවා.

මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත් වන අතර, 2027 අයවැය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම එම අනුමැතියට පෙර අවශ්‍ය බවයි එම අරමුදල සිය නිවේදනය මගින් දක්වා ඇත්තේ.