කලාශූරී ලතා වල්පොලගේ අවසන් කටයුතු පිළිබඳ රජයෙන් නිවේදනයක්

අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වෙන්නේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට රජය තීරණය කර ඇති බවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කලාශූරී ලතා වල්පොල මහත්මිය පෙරේදා (27) රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා.

අභාවප්‍රාප්ත වූ එතුමියගේ දේහය ඊයේ (28) පස්වරුවේ සිට මහජන ගෞරව සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරුණා.

ඇයගේ අවසන් කටයුතු ලබන බදාදා (31) බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

2 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?