AFC Banner
Empty Ad
Empty Ad

කරාපිටියේ පිළිකා ළමා වාට්ටුව වසා දමයි

කරාපිටිය පිළිකා රෝහලේ ළමා වාට්ටුව වසා දමා මාස හතරකට අධික කාලයක් ගතව ඇති බවත් මේ නිසා තම දරුවන් මහරගම අපේක්ෂා රෝහලට ගෙන යාමට සිදුවීමෙන් තමන් මහත් අපහසුවට පත්ව ඇති බවත් දකුණු පළාතේ පිළිකා රෝගී ළමයින්ගේ දෙමවුපියෝ පවසති.

කරාපිටිය පිළිකා රෝහලේ මෙම ළමා පිළිකා වාට්ටුව ආරම්භ කර ඇත්තේ 2007වසරේය. එතැන් සිට පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා දකුණු පළාතේ පිළිකා රෝගී ළමයින් 300කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිට ඇත.එහෙත් මේ වනවිට එම වාට්ටුවේ කිසිම රෝගී දරුවෙකු නොමැති අතර වාට්ටුවේ සේවයක කළ හෙදියන් නව දෙනොද වෙනත් වාට්ටුවලට මාරුකර ඇත.

පිළිකා වාට්ටුවේ සිටින සියලුම රෝගීන්ට දවස් තුන්සිය හැට පහේම තම සංගමය ආහාර පාන ලබා දෙන බව පිළිකා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජයරත්න මල්වැන්න පැවසුවේය. එයට අමතරව මහරගම අපේක්ෂා රෝහලට යාම සඳහා දීමනාද ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දෙන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් පිළිකා රෝහලේ ළමා වාට්ටුව වසා දැමීම බලවත් අපරාධයක් බවද එනිසා හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු පත්කර නැවත ළමා වාට්ටුව ආරම්භ කිරීමට පියවර ගතයුතු බවද ජයරත්න මල්වැන්න වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබඳව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හර්ෂණී උබේසේකර ගෙන් විමසූවිට කියා සිටියේ කරාපිටිය රෝහලේ සිටි ළමා පිළිකා රෝග විශේෂඥ වෙද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට ස්ථාන මාරුවක් ලබායාම නිසා වාට්ටුව වසා දමීමට සිදුව ඇති බවය. ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ සිටින්නේ කිහිප දෙනෙකු නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩි දුරටත් පැවසුවාය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?