කරාපිටියේ පිළිකා ළමා වාට්ටුව වසා දමයි

කරාපිටිය පිළිකා රෝහලේ ළමා වාට්ටුව වසා දමා මාස හතරකට අධික කාලයක් ගතව ඇති බවත් මේ නිසා තම දරුවන් මහරගම අපේක්ෂා රෝහලට ගෙන යාමට සිදුවීමෙන් තමන් මහත් අපහසුවට පත්ව ඇති බවත් දකුණු පළාතේ පිළිකා රෝගී ළමයින්ගේ දෙමවුපියෝ පවසති.

කරාපිටිය පිළිකා රෝහලේ මෙම ළමා පිළිකා වාට්ටුව ආරම්භ කර ඇත්තේ 2007වසරේය. එතැන් සිට පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා දකුණු පළාතේ පිළිකා රෝගී ළමයින් 300කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිට ඇත.එහෙත් මේ වනවිට එම වාට්ටුවේ කිසිම රෝගී දරුවෙකු නොමැති අතර වාට්ටුවේ සේවයක කළ හෙදියන් නව දෙනොද වෙනත් වාට්ටුවලට මාරුකර ඇත.

පිළිකා වාට්ටුවේ සිටින සියලුම රෝගීන්ට දවස් තුන්සිය හැට පහේම තම සංගමය ආහාර පාන ලබා දෙන බව පිළිකා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජයරත්න මල්වැන්න පැවසුවේය. එයට අමතරව මහරගම අපේක්ෂා රෝහලට යාම සඳහා දීමනාද ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දෙන බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් පිළිකා රෝහලේ ළමා වාට්ටුව වසා දැමීම බලවත් අපරාධයක් බවද එනිසා හැකි ඉක්මනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු පත්කර නැවත ළමා වාට්ටුව ආරම්භ කිරීමට පියවර ගතයුතු බවද ජයරත්න මල්වැන්න වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබඳව කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හර්ෂණී උබේසේකර ගෙන් විමසූවිට කියා සිටියේ කරාපිටිය රෝහලේ සිටි ළමා පිළිකා රෝග විශේෂඥ වෙද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලට ස්ථාන මාරුවක් ලබායාම නිසා වාට්ටුව වසා දමීමට සිදුව ඇති බවය. ළමා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ සිටින්නේ කිහිප දෙනෙකු නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය වැඩි දුරටත් පැවසුවාය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිගම W15 හෝටලයේ වෙ# තැබීමේ සැකකාර හිටපු පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
01:42
Video thumbnail
ඔයා ගොඩාක් ලස්සන වෙලානේ - රනිල් ලැජ්ජා වෙයි
02:14
Video thumbnail
මම කිව්වනේ ඔයාට අරගලයට යන්න එපා කියලා - ඉරාජ් දාපු කින්ඩිය
02:11
Video thumbnail
රත්න සහල් මුදලාලිගේ වී මෝල් සංකීර්ණයේ හදිස්සියේම ඇතිවූ ගින්න
02:38
Video thumbnail
එන්න එන්න යුග පුරුෂයා - මිහින්තලේ හිමි මහින්දගේ ගුණ වයයි
02:14
Video thumbnail
රනිල්, මහින්ද ඇතුළු ප්‍රබලයෝ රැසක් සිරි සමන්තභද්‍ර හිමිට සුභ පතන්න එයි
04:09
Video thumbnail
උසස්වීම් ඉල්ලා රේගු නිලධාරීන් කළු පටි බැඳගෙන සේවයට එයි
06:35
Video thumbnail
ගෑස් හිඟය ගැන ඇමති නලින්ද කට අරී
01:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
ගල් අඟුරු සිද්ධිය නිසා නලින්ද සැර වෙයි..අතිතයෙත් මෙවැනි සිදුවීම් වෙලා ඇති..පරීක්ෂාවක් කරලා නෑ
15:40


?