AFC Banner
Empty Ad
Empty Ad

කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍යයක් විෂ වීමෙන් 30ක් රෝහලට

පානදුර – නල්ලුරුව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක රසායනික ද්‍රව්‍යයක් විෂ වීමෙන් 30 දෙනෙකු පමණ රෝගාතුරව රෝහල්ගත කර තිබෙනවා.

පානදුර පොලිසිය පැවසුවේ; එම කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයින් පිරිසක් මෙම විෂ ද්‍රව්‍යය ආඝ්‍රහණයට ලක් ව ඇති බවයි.

සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ආයතනයක මිශ්‍රණයක් සිදු කිරීමේ දී යම් කිසි රසායනික ද්‍රව්‍යයක් වෙනස් වීමෙන් මෙම විෂ වීම සිදු ව ඇති බවටයි හෙළි ව ඇත්තේ.

එබැවින් පරීක්ෂණ සිදුකර අවසන් වන තුරු කර්මාන්ත ශාලාව තාවකාලික ව වසා දැමීමට පොලිස් උපදෙස් ලබා දී තිබෙනවා.

රසායනික ද්‍රව්‍ය විෂ වූ පිරිස පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
6
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?