කරඳගොල්ල නාය යෑමට උමා ඔය ව්‍යාපෘතියේ සම්බන්ධයක් නැහැ – මහාචාර්ය අතුල සේනාරත්න

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ ඇති වූ නාය යෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

පසුගිය දා එම ප්‍රදේශයේ ගවේෂණ කටයුතුවල නිරත භූ විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණවල දී මේ බව අනාවරණය කරගෙන ඇති බවයි මහාචාර්යවරයා පැවසුවේ.

ඒ, අනුව ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අධික වර්ෂාවත් සමඟ සිදුවන නායයෑම් හා සමාන නායයාමක් මෙම ප්‍රදේශයේත් මෙලෙස සිදුව ඇති බව සඳහන් කළ මහාචාර්යවරයා, 2019 වර්ෂයේ දීත් එම ස්ථානයේ මේ ආකාරයෙන් නාය යෑමක් සිදුව ඇති බවට වාර්තා වී ඇති බව ද පැවසුවා.

ඒ, අනුව මෙවරත් එවැනිම වූ නාය යෑමක් බවත් මෙම නාය යෑම උමා ඔය උමඟ හා සම්බන්ධ නාය යෑමක් නොවන බවයි මහාචාර්ය අතුල සේනාරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
10
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?