කරඳගොල්ල නාය යෑමට උමා ඔය ව්‍යාපෘතියේ සම්බන්ධයක් නැහැ – මහාචාර්ය අතුල සේනාරත්න

ඇල්ල – කරඳගොල්ල ප්‍රදේශයේ ඇති වූ නාය යෑම උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් සිදු වූවක් නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ හා භූ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

පසුගිය දා එම ප්‍රදේශයේ ගවේෂණ කටයුතුවල නිරත භූ විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණවල දී මේ බව අනාවරණය කරගෙන ඇති බවයි මහාචාර්යවරයා පැවසුවේ.

ඒ, අනුව ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අධික වර්ෂාවත් සමඟ සිදුවන නායයෑම් හා සමාන නායයාමක් මෙම ප්‍රදේශයේත් මෙලෙස සිදුව ඇති බව සඳහන් කළ මහාචාර්යවරයා, 2019 වර්ෂයේ දීත් එම ස්ථානයේ මේ ආකාරයෙන් නාය යෑමක් සිදුව ඇති බවට වාර්තා වී ඇති බව ද පැවසුවා.

ඒ, අනුව මෙවරත් එවැනිම වූ නාය යෑමක් බවත් මෙම නාය යෑම උමා ඔය උමඟ හා සම්බන්ධ නාය යෑමක් නොවන බවයි මහාචාර්ය අතුල සේනාරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04