spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කථානායකගෙන් අනතුරු ඇඟවීමක්

රටේ පැවතුණු ගැටලුකාරී තත්ත්වය හා පීඩනය තාවකාලිකව සමනය වී ඇතත් ඉදිරියේදී මීටත් වඩා ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බැව් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

කථානායකවරයා මේ බව පැවසුවේ ගාල්ල හබරකඩ ශ්‍රී විජයානන්ද පිරිවෙන් කෘත්‍යාධිකාරි විශ්‍රාමලත් විදුහල්පති එප්පල සෝරත නාහිමියන්ට ගාල්ල මාතර දෙපළාතේ අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ උත්සවයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා,

“රටේ පාලකයා පාලනය අත්හැරලා යනවා කියන්නේ මොනතරම් තත්ත්වයක් රටේ තියෙනවා කියලා ඔබවහන්සේලා හිතනවාද? තමන්ගේ පාලනය අත්හැරලා කාටවත් දැනෙන්නේ නැතිව හිටපු ගමන් ගියවිට මොනතරම් ප්‍රශ්නයක් පීඩනයක් රටේ තියෙන්න ඇද්ද? ඒ පීඩනය ගැටලුව නැතිවුණේ නැහැ. ඒක තාමත් තියෙනවා. තාවකාලිකව යටපත් වීමක් පොඩි සමනය වීමක් වෙලා තියෙනවා.

මේ අවස්ථාවේ විහාරස්ථාන ඇතුළු සියලු දෙනාගේ විදුලි බිල තුන්ගුණයකින් පමණ වැඩිවෙලා. මේක දරන්න පුළුවන් බරක් නෙවෙයි. වතුර බිලත් තුන්ගුණයකින් වැඩිවෙලා. විශාල වියදමක් දැරීමට සිදුවෙලා තියෙනවා. බොහොම කල්පනාවෙන් විදුලිබිල හා ජලබිල පිරිමහගෙන පාවිච්චි කිරීමට සිදුවෙලා. නමුත් මේ අවස්ථාවේ විහාරස්ථානවලට එක කරන්න බැහැ. විහාරස්ථාන පොදු ස්ථාන. විහාරස්ථාන කළුවරේ තියන්න බැහැ. යම්කිසි සහනයක් විහාරස්ථානවලට ලැබිය යුතුයි. ඉදිරියේදී ජනාධිපති, අගමැති, විදුලිබල ඇමැති සමග සාකච්ඡා කරලා විහාරස්ථාන සඳහා සහනයක් ලබාදීමට කටයුතු කරනවා”

මෙහිදී දිඹුල්කුඹුරේ විමලධම්ම සහ මුගුණවිල අනුරුද්ධ යන නාහිමිවරු අනුශාසනාවන් පැවැත්වූ අතර මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සම්පත් අතුකෝරල, හිටපු ඇමැති පියසේන ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?