කතෝලික සභාවෙන් විශේෂ ඉල්ලීමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විධිමත්ව නඩුවක් ගොනු කරන ලෙස කතෝලික සභාව නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර ද එහි චූදිතයන් ලෙස නම් කරන ලෙසයි කතෝලික සභාව එම ලිපිය මගීන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

මේ අතර ප්‍රහාරය පිළිබඳ නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සඳහා වූ ජාතික කතෝලික කමිටුව අද නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට යුක්තිය සඳහා වූ ජාතික කතෝලික කමිටුව සිය නිවේදනයේ කරුණු රැසක් සඳහන් කර තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අසමත් වන නිසා එම චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි නීති විශේෂඥයින් පෙන්වා දෙන බව පැවසෙන මාධ්‍ය වාර්තා සංසරණය වෙමින් පැවති බව එම නිවේදනයේ සඳහන්.

අපරාධ නඩු පවරන ලෙස ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති සියලු නිලධාරින් සම්පුර්ණයෙන් මුදා හැරීමක් සිදුවනු ඇතැයි කතෝලික සභාව තුළ කනස්සලක් උද්ගතව ඇති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?