කතුන් රැවටූ කපුවා පොලිස් කතකට රැවටී කූඩුවේ

ආර්ථික ගැටළු සහ පවුල් ප්‍රශ්න සියල්ල දුරුකර දෙන බව පවසමින් ප්‍රදේශ රැසක කාන්තාවන් රවටා ඔවුන්ගෙන් රන් භාණ්ඩ සහ මුදල් ලබාගෙන මඟ හරිමින් සිටි කපුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අද (27) පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු උඩුනුවර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මහනුවර රෝහලේ කණිෂ්ඨ රෝහල් සේවිකාවක විසින් සිදුකරන ලද පැමිණිල්ලක්ට අනුව කළ විමර්ශනයකින් පසු සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

තම සැමියාගේ අසනීප තත්ත්වයන් හා අපල දුරුකර ගැනීම සඳහා තමන් රුපියල් පනස් දහසක් වටිනා රන් සුරයක් සමඟ මුදලින් රුපියල් දස දහසක් සැකකරුට ලබාදුන් බවයි කාන්තාව පොලිසියට පවසා ඇත්තේ.

දේවාලය තුළ ජීවන් කරන ලද තෙල් විශේෂයක් සුරය තුළට දමා කඩිනමින් යළි ලබාදෙන බව පවසා ඇති මෙම කපුවා යළි එය ලබාදීම මඟහැර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය, විදේශ ගතව සිට පැමිණි තැනැත්තියක් බව පවසමින් පොලිස් උපාය දූත කාන්තාවක් ලවා අදාළ කපුවාට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

එහිදී තමන් දෙවන වර විදේශ ගත වීමට උත්සාහ කිරීමේ දී ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඒවා මඟ හරවා ගැනීම සඳහා කටයුතු කරදෙන ලෙසත් ඇය කපුවාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

ඒ, අනුව ඇයගේ කාර්යය ඉටුකරදීම සඳහා රුපියල් පනස් දහසක මුදලක් ලබාදෙන ලෙසයි සැකකාර කපුවා පවසා ඇත්තේ.

එම මුදල ලබාගැනීම සඳහා පේරාදෙණියේ පිහිටි තම නිවසට එන ලෙස පොලිස් උපාය දූත කාන්තාව කළ දැනුම්දීමට අනුව කපුවා එහි පැමිණ තිබෙනවා.

ඒ අනුව එලෙස පැමිණි සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10