spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කතුන් රැවටූ කපුවා පොලිස් කතකට රැවටී කූඩුවේ

ආර්ථික ගැටළු සහ පවුල් ප්‍රශ්න සියල්ල දුරුකර දෙන බව පවසමින් ප්‍රදේශ රැසක කාන්තාවන් රවටා ඔවුන්ගෙන් රන් භාණ්ඩ සහ මුදල් ලබාගෙන මඟ හරිමින් සිටි කපුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අද (27) පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මොහු උඩුනුවර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මහනුවර රෝහලේ කණිෂ්ඨ රෝහල් සේවිකාවක විසින් සිදුකරන ලද පැමිණිල්ලක්ට අනුව කළ විමර්ශනයකින් පසු සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

තම සැමියාගේ අසනීප තත්ත්වයන් හා අපල දුරුකර ගැනීම සඳහා තමන් රුපියල් පනස් දහසක් වටිනා රන් සුරයක් සමඟ මුදලින් රුපියල් දස දහසක් සැකකරුට ලබාදුන් බවයි කාන්තාව පොලිසියට පවසා ඇත්තේ.

දේවාලය තුළ ජීවන් කරන ලද තෙල් විශේෂයක් සුරය තුළට දමා කඩිනමින් යළි ලබාදෙන බව පවසා ඇති මෙම කපුවා යළි එය ලබාදීම මඟහැර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලිසිය, විදේශ ගතව සිට පැමිණි තැනැත්තියක් බව පවසමින් පොලිස් උපාය දූත කාන්තාවක් ලවා අදාළ කපුවාට දුරකථන ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

එහිදී තමන් දෙවන වර විදේශ ගත වීමට උත්සාහ කිරීමේ දී ගැටලු රැසක් පැන නැගී ඇති බවත් ඒවා මඟ හරවා ගැනීම සඳහා කටයුතු කරදෙන ලෙසත් ඇය කපුවාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

ඒ, අනුව ඇයගේ කාර්යය ඉටුකරදීම සඳහා රුපියල් පනස් දහසක මුදලක් ලබාදෙන ලෙසයි සැකකාර කපුවා පවසා ඇත්තේ.

එම මුදල ලබාගැනීම සඳහා පේරාදෙණියේ පිහිටි තම නිවසට එන ලෙස පොලිස් උපාය දූත කාන්තාව කළ දැනුම්දීමට අනුව කපුවා එහි පැමිණ තිබෙනවා.

ඒ අනුව එලෙස පැමිණි සැකකාර කපුවා අත්අඩංගුවට ගැනීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?