spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කතානායකට කැනඩා ව්‍යාපාරිකයින් අද දුන් පොරොන්දුව

කැනඩාවේ ව්‍යාපාරික ප්‍රධානීන් පිරිසක් පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) පාර්ලිමේන්තුවේදී හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා සහයෝගය ලබාදීමට කැනඩාවේ ව්‍යාපාරිකයින්ගේ සහයෝගය ලබාදීමට එකඟතාව පළ විය.

මෙහිදී ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වය වැඩිකරගනිමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එම ව්‍යාපාරිකයින් සඳහන් කළ අතර මෙරට තරුණ ව්‍යවසායකයින්ට තම ව්‍යවසායන් ගොඩනගා ගැනීමට සහයෝගය ලබාදීමටද කැමැත්ත පළ කළේය.

මෙම ව්‍යාපාරිකයින් අමතමින් අදහස් දැක්වූ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ රටේ සංවර්ධනය ඇති කිරීමට ඉක්මනින් කටයුතු කරන බවයි.මේ සඳහා කැනඩාවේ ව්‍යාපාරික ප්‍රධානීන්ගේද සහය වැදගත් වන බව පෙන්වූ කථානායකවරයා දෙපාර්ශ්වය සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

එසේම විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයක් ලංකාවේ පිහිටුවීමට කටයුතු කරන බවත් පැමිණ සිටි ව්‍යාපාරිකයින්ට ප්‍රකාශ කළ අතර ඒ මගින් ආර්ථික සංවර්ධනය සඳහා ඒ ඒ පාර්ශ්ව වල සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

මෙහිදී මෙම ව්‍යාපාරික නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ සභාගර්භයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?