කඩ වසා දමා හර්තාල්

ජිවන වියදම ඉහල යාම ,ඉන්ධන සහ ගැස් හිගය , විදුල් කප්පාදුවට රජයට එරෙහිව නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් (09) දින වසා දමා නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ සේවකයින් එක්ව උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ගෝඨා ගෝ හෝම් යන සටන් පාඨය මුල් කර ගනිමින් උද්ඝෝෂණයේ නියැලි සිටින නුවරඑලියේ ව්‍යාපාරික ප්‍රජාව සහ උද්ඝෝෂණයට සහයෝගය දක්වන නුවරඑලිය ප්‍රදේශයේ තරුණ ප්‍රජාව කියා සිටින්නේ රටේ පාලකයින්ගේ නොහැකියාව හමුවේ රටේ ජනතාව දැඩි පිඩාවට පත් වි ඇති බවයි.

ව්‍යාපාර කටයුතුද කඩා වැටිමේ අවධානමකට පත් වි ඇති බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වි වත්මන් රජයේ සියළුම පාලකයින් රට පාලනය කලහැකි පිරිසකට රට භාර දිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?