කඩු පහරින් එක්දරු පියා මරුට

යම් පිරිසක් නිවසට පැමිණ  කඩුවකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ  23 හැවිරිදි පුද්ගලයෙක් අද අලුයම  ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය බව වඳුරඹ පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වඳුරඹ,ඉහළ කීඹිය, විවරුගොඩ පදිංචිව සිටි ගම ආරච්චිගේ සසී මධුශංක නැමැති එක්දරු පියෙකි.

මෙම මිනීමැරුම සම්බන්ධයෙන් සිව්දෙනෙක් පිලිබඳ සැකකරනු ලබන අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව  පවසන පොලීසිය ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර තිබේ. කාලයක් තිස්සේ පැවති ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබෙන බවට පොලීසිය සැකකරයි.

මෙම ඝාතනයට සම්බන්ධ මහෙස්ත්‍රාත් පරික්ෂණය අද (25) සිදුකිරීමට නියමිතව තිබේ.මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ මේ වනවිට තබා තිබේ.

වඳුරඹ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28
Video thumbnail
ආණ්ඩුවට වැටෙනකම් විපක්ෂය බලාගෙන ඉන්නවා
08:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෝ දැන් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුලේ
03:12
Video thumbnail
උත්සව සමයේ විශේෂ බස් රථ සේවාවක්
04:18
Video thumbnail
ආපදාවට ලක් වූ ස්ථාන බලන්න යන්න එපා
02:37


?