මෙම වසරේ මේ දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 457ක් – 475 දෙනෙක් ජීවිතක්ෂයට

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දී මාර්ග අනතුරු 20% ත් 30%ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට කටයුතු කිරීම පොලිසියේ අපේක්ෂාව බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර පවසනවා.

ඒ, අනුව විනීතව සහ නීතිගරුකව රිය පදවන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

මේ අතර මෙම වසරේ ඊයේ (08) දිනය දක්වා කාලය තුළ මෙරට තුළ මාරක අනතුරු 457ක් සිදුව ඇති බවයි ඔහු පැවසුවේ.

එම අනතුරුවලින් පුද්ගලයින් 475 දෙනෙක් මියගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළා.

එමෙන්ම බරපතළ අනතුරු 983ක් මෙම වසරේ ඊයේ (08) දිනය දක්වා කාලය තුළ සිදුව ඇති බවත්, සුළු අනතුරු 1942ක් සිදුව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු සංඛ්‍යාවට වඩා, මෙම වසරේ මේ දක්වා කාලය තුළ මාරක රිය අනතුරු 50ක වැඩිවීමක් දැකගත හැකි බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම මාරක රිය අනතුරුවලින් සිදුව ඇති මරණ සංඛ්‍යාව ද 56ක වැඩිවීමක් පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56