20-20 ලෝක කුසලාන ජයග්‍රහණය ගම්භීර් විශේෂ පුද්ගලයින් දෙදෙනෙක් වෙනුවෙන් වෙන්කරයි

අවසන් මහා තරගයේ දී නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කළ ඉන්දියාව අඛණ්ඩව දෙවනවරටත් පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක ශූරතාව තමන් සතුකර ගත්තා.

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලයක් ජයග්‍රහණය කළ තුන්වන අවස්ථාව මෙය වන අතර, ඊයේ ලැබූ මෙම විශිෂ්ඨ ජයග්‍රහණයේ නියමුවා ලෙස ඉන්දීය ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගම්භීර් කටයුතු කළා.

ඉන්දීය කණ්ඩායම ඊයේ (08) රාත්‍රියේ ලැබූ මෙම ජයග්‍රහණය විශේෂ පුද්ගලයින් දෙදෙනෙකු වෙනුවෙන් පුදකරන බවයි අවසන් මහා තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කළේ.

ගම්භීර් එහිදී පැවසුවේ ඉන්දීය කණ්ඩායම ලැබූ මෙම ජයග්‍රහණය, ඉන්දීය කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ්ට සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ මේ වනවිට ඉන්දීය ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ලෙස කටයුතු කරන වී.වී.එස් ලක්ෂ්මන් වෙත පිරිනමන බවයි.

වත්මන් ඉන්දීය කණ්ඩායම මෙම ස්ථානයට ගෙන ඒම සඳහා ඔවුන් දෙදෙනා විශාල කැපවීමක් සහ විශාල කාර්ය භාරයක් ඉටුකළ බවයි ගෞතම් ගම්භීර් සඳහන් කළේ.

“අපි පරාජය වීමේ බිය අත්හැරිය යුතුයි. ගතානුගතික ක්‍රිකට් ක්‍රීඩා කරනවාට වඩා, ලකුණු 120කට දැවී යාම හොඳයි. කැපී පෙනෙන ලක්ෂණය වන්නේ නිර්භීතකම සහ අර්ධ අවසන් පූර්ව සහ අවසන් තරඟවලදී ලකුණු 250ක් ලබාගැනීමට ධෛර්යය පෙන්වීමයි,” ගම්භීර් මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18