ඉන්ධන මිල ඉහළ යෑම නවත්වන්න G7 රටවල මුදල් ඇමතිවරු අද සාකච්ඡාවක

G7 රටවල මුදල් අමාත්‍යවරුන් අද (09) දිනයේ හදිසියේ රැස්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මෙම රැස්වීමේ දී ඉන්ධන මිල ඉහළ යාම මැඩපැවැත්වීම සඳහා තෙල් සංචිත ඒකාබද්ධව නිකුත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

තෙල් සංචිත ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) විසින් සම්බන්ධීකරණය කරනු ලබන අතර, කණ්ඩායමේ සාමාජිකයින් 32 දෙනෙකු තෙල් මිල අර්බුද සඳහා නිර්මාණය කර ඇති සාමූහික හදිසි පද්ධතියක කොටසක් ලෙස උපායමාර්ගික සංචිත දරනවා.

මේ අතර ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු G7 රටවල් තුනක් මේ වන විට ඒකාබද්ධ නිදහස් කිරීමකට සහාය පළ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

අද රැස්වෙන G7 රැස්වීමේ සභාපතිත්වය දරනු ලබන්නේ ප්‍රංශයයි.

මේ අතර 2022 වසරෙන් පසු පළමු වරට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 සීමාව මේ වනවිට ඉක්මවා ගොස් ඇති අතර අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ එය ලෝක සාමය සඳහා “ගෙවීමට සිදුවන ඉතා කුඩා මිලක්” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11