කඩු පහරින් එක්දරු පියා මරුට

යම් පිරිසක් නිවසට පැමිණ  කඩුවකින් පහරදීමෙන් බරපතල තුවාල ලැබූ  23 හැවිරිදි පුද්ගලයෙක් අද අලුයම  ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය බව වඳුරඹ පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වඳුරඹ,ඉහළ කීඹිය, විවරුගොඩ පදිංචිව සිටි ගම ආරච්චිගේ සසී මධුශංක නැමැති එක්දරු පියෙකි.

මෙම මිනීමැරුම සම්බන්ධයෙන් සිව්දෙනෙක් පිලිබඳ සැකකරනු ලබන අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව  පවසන පොලීසිය ඔවුන් අත් අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ ආරම්භ කර තිබේ. කාලයක් තිස්සේ පැවති ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර තිබෙන බවට පොලීසිය සැකකරයි.

මෙම ඝාතනයට සම්බන්ධ මහෙස්ත්‍රාත් පරික්ෂණය අද (25) සිදුකිරීමට නියමිතව තිබේ.මියගිය අයගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයේ මේ වනවිට තබා තිබේ.

වඳුරඹ පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46
Video thumbnail
උඹලා මොනවා කරත් අපි අපේ පාඩුවේ අපේ ගමන යනවා - ඔය කෙඳිරි ගාන්නේ බය වෙච්ච අය තමයි
03:42
Video thumbnail
සජිත්ද, මමද පොර කියලා ජනතාවනේ තීන්දු කරන්නේ - පක්ෂ කැඩීමේ ආනිශංස අපි වින්දනේ l Namal Rajapaksa
03:12
Video thumbnail
දැරියන් 50 - 60%ත් අතර ප්‍රමාණයක් ඔසප් ක්‍රියාවලිය නිසා පාසල් යන්නේ නෑ..මේක බියෙන් තොරව කතා කරන්න
09:38