නිදහසේ පා ගමනට කොළඹට පැමිණෙයි – ජනපති ලේකම් කාර්යාලය අසල ආරක්ෂාව තර කෙරේ

සිරගතකර සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය 10 වන දින, ගිහි – පැවදි දෙපාර්ශවයේම සහභාගීත්වයෙන් ආරම්භ වූ ‘ සිවුරට යුක්තිය – නිදහසේ පා ගමනේ අවසන් දිනය අද (15) දිනයයි.

ඒ අනුව අද දිනයේ දී පාගමන කඩවත නගරයෙන් ආරම්භ වූ අතර එය මේ වන විට කොළඹ නගරයට ආසන්න වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ, එම පාගමන හේතුවෙන් මේ වන විට කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආරක්ෂාව තර කර ඇති බවයි.