ශ්‍රී ලංකන් ගුවන් සමාගම සෞදියේ රියාද් වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව නවතා දමයි

සෞදි අරාබියේ රියාද් වෙත සිදුකරන ගුවන් ගමන් අනිද්දා (11) දිනය දක්වා අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම
තීරණය කර තිබෙනවා.

හූති කැරළිකරුවන් රියාද් ගුවන්තොටුපොළ වෙත ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එම ගුවන්තොටුපොළ වසාදැමීමට කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් යානා රියාද් වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ බවයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් ‘දසත නිව්ස්’ සමඟ පැවසුවේ.