කඩුවෙල පොලිස් වසමේ කඩුවෙල පාලම යට කැලණි ගඟෙහි තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා.
කඩුවෙල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත ඊයේ (28) මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, මෘත ශරීරය වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකුගේ බවයි වාර්තා වන්නේ.
කලිසමක පාද කොටස් ගැට ගසා එහි ගල් පුරවා මරණකරුගේ ඉනෙහි ගැට ගසා තිබී ඇති බවයි පොලිසිය විසින් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනය වෙත භාර දී තිබෙනවා.
කඩුවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
3
+1
2
+1
1
+1
2





