කඩුවෙල පාලම යට කැලණි ගඟෙන් මළ සිරුරක් ගොඩගනී – ගල් පුරවලා ඉනේ ගැටගහලා

කඩුවෙල පොලිස් වසමේ කඩුවෙල පාලම යට කැලණි ගඟෙහි තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් සොයාගෙන තිබෙනවා.

කඩුවෙල පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත ඊයේ (28) මෙම මළ සිරුර සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර, මෘත ශරීරය වයස අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන පිරිමි පුද්ගලයෙකුගේ බවයි වාර්තා වන්නේ.

කලිසමක පාද කොටස් ගැට ගසා එහි ගල් පුරවා මරණකරුගේ ඉනෙහි ගැට ගසා තිබී ඇති බවයි පොලිසිය විසින් සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනය වෙත භාර දී තිබෙනවා.

කඩුවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. පුලුවන් හැම තැනකම CCTV හයි කරලා හොඳ විමර්ශණ ක්‍රියාදාමයක් සකස් කරන්න වෙයි ආන්ඩුවට. මෙහෙම ගියොත් සාක්කි නෑ කියල කලිසමේ අතපිහිදගෙන ජනතාවගෙන් සම්මව අරන් අවුරුද්දු පහෙන් ගෙදර යන්න වේවි පල් හොරුන්ට ආයෙ රට දීල. නීතියත් පොලීසියත් ස්වාධීන කලා නම් මෙහෙම රටේ හැම දවසකම එකිනෙකට වෙනස් විදියේ ව්‍යසන වෙන්නෙ කෝමද කියල ආරක්ශ අංශ සහ ඒ භාර ඇත්තො සොයා බලන්න ඕන කියල අපි යෝජනා කරනවා. මේ වගකීම්වලින් කාටවත් බේරෙන්න බෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32