කඩිනමින් බැංකු ගිණුම් අරඹන්නැයි රජය අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දෙයි

අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් ලක්ෂ 10කට පමණ බැංකු ගිණුම් නොතිබූ බවත් ඔවුන්ගෙන් ලක්ෂ 4ක පමණ පිරිසක් මේ වන විට ගිණුම් විවෘත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද අදාළ බැංකු ශාඛාවන් බොහොමයක් විවෘතව පවතින බැවින් කඩිනමින් බැංකු ගිණුම් ආරම්භ කරන ලෙසටයි රජය ප්‍රතිලාභීන්ට දැනුම් දෙන්නේ.

ප්‍රමාදයකින් තොරව සෘජුව ප්‍රතිලාභීන්ගේ ගිණුමට සුබසාධන දිමනා ලබාදීම සදහා බැංකු ගිණුම් විවෘත කරන ලෙස රජය අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

අභියාචනා, විරෝධතා ක්‍රියාවලිය සිදු වෙමින් පවතින අතර බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරිමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සහායවනු ඇති බවයි එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර නව ක්‍රමවේදය හදුන්වා දෙන තෙක් අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වකුගඩු රෝගීන් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් සදහා දැනට පවතින සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව පවතිනු ඇති.

කෙසේ වෙතත් ඉදිරියේදී සියලු ගෙවීම් ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන බැවින් කඩිනමින්බැංකු ගිණුමක් විවෘත කර එහි තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දෙන ලෙසයි රජය තවදුරටත් ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි අද, හෙට සහ අනින්දා යන දිනයන්හි දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකා බැංකුව, සහ මහජන බැංකුව යන බැංකු ශාඛා බොහොමයක් විවෘතව පවතින බව ද මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

මීට අදාළ දැනුවත් කිරීම් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අද දැනුම් දී තිබෙනවා.

මේ අතර බැංකු ගිණුම් විවෘත කිරීම සදහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිගු පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
6
+1
1
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?