කඩිනමින් බැංකු ගිණුම් අරඹන්නැයි රජය අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දෙයි

අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් ලක්ෂ 10කට පමණ බැංකු ගිණුම් නොතිබූ බවත් ඔවුන්ගෙන් ලක්ෂ 4ක පමණ පිරිසක් මේ වන විට ගිණුම් විවෘත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද අදාළ බැංකු ශාඛාවන් බොහොමයක් විවෘතව පවතින බැවින් කඩිනමින් බැංකු ගිණුම් ආරම්භ කරන ලෙසටයි රජය ප්‍රතිලාභීන්ට දැනුම් දෙන්නේ.

ප්‍රමාදයකින් තොරව සෘජුව ප්‍රතිලාභීන්ගේ ගිණුමට සුබසාධන දිමනා ලබාදීම සදහා බැංකු ගිණුම් විවෘත කරන ලෙස රජය අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටිනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

අභියාචනා, විරෝධතා ක්‍රියාවලිය සිදු වෙමින් පවතින අතර බැංකු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරිමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සහායවනු ඇති බවයි එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර නව ක්‍රමවේදය හදුන්වා දෙන තෙක් අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, වකුගඩු රෝගීන් සහ විවිධ ආබාධ සහිත පුද්ගලයින් සදහා දැනට පවතින සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් නොවෙනස්ව පවතිනු ඇති.

කෙසේ වෙතත් ඉදිරියේදී සියලු ගෙවීම් ප්‍රතිලාභියාගේ ගිණුමට බැර කරන බැවින් කඩිනමින්බැංකු ගිණුමක් විවෘත කර එහි තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දෙන ලෙසයි රජය තවදුරටත් ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

දිවයිනේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි අද, හෙට සහ අනින්දා යන දිනයන්හි දී ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකා බැංකුව, සහ මහජන බැංකුව යන බැංකු ශාඛා බොහොමයක් විවෘතව පවතින බව ද මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරනවා.

මීට අදාළ දැනුවත් කිරීම් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අද දැනුම් දී තිබෙනවා.

මේ අතර බැංකු ගිණුම් විවෘත කිරීම සදහා දිවයිනේ බොහෝ ප්‍රදේශවල දිගු පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03