AFC Banner
Empty Ad
Empty Ad

කටුනායක සහ අබුඩාබි අතර අඩු වියදම් නව ගුවන් සේවයක්

කටුනායක ගුවන් තොටුපොළ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ අතර නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

නිශ්චිත ගුවන් ගමන් කාල සටහනකට (Schedule Flights) අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සදහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එයා ඒෂියා – අබුඩාබි (Air Asia Abu Dhabi) ගුවන් සේවා සමාගමට විදේශීය ගුවන් මෙහෙයුම් සහතිකය පිරිනැමීම ඊයේ සිදු කෙරුණේ කටුනායක ගුවන් තොටුපොලේදී යි.

ඒ සඳහා මෙම ගුවන් සේවා සමාගම සතු ගුවන් මගීන්ගේ සුරක්ෂිතභාවය, ආරක්ෂාව, කාර්යක්ෂම ගුවන් මෙහෙයුම් පවත්වා ගෙන යාම සඳහා ඇති සංවිධානාත්මක ව්‍යුහය සහ වැඩපිළිවෙළ පිළිබඳව ඉහළ අවධානයට ලක් කර තිබෙනවා.

ඒ සඳහා ගුවන් සේවා සමාගම සතු භෞතික සම්පත්, නිසි පුහුණුව, සුදුසුකම් සහ අත්දැකීම් ලත් කාර්යය මණ්ඩලය, ගුවන් මෙහෙයුම් සදහා අවශ්‍ය උපාංග හා වෙනත් සේවා සැපයීමේ තාක්ෂණික හා භෞතික හැකියාව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් යානා භූමි මෙහෙයුම් අංශයේ සිවිල් ගුවන් සේවා පරීක්ෂකවරුන් සිය අවධානය යොමු කර තිබුණා.

මෙම ගුවන් සේවා සමාගම එළඹෙන සැප්තැම්බර් මස මැද භාගයේ සිට සිය ගුවන් ගමන් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?