රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා විවිධ වර්ගයේ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත රැගෙන යාමට තැත් කළ ව්‍යාපාරිකයෙකු දින 05 පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් මොහු බේරුවල ප්‍රදේශයේ 40 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.
මෙම පුද්ගලයා අද (05) දහවල් 01.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල් – 127 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසීමේ දී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදුකෙරෙන එක්ස් කිරණ පරීක්ෂා වලදී මෙම මැණික් තොගය අනාවරණය වීම වළක්වා ගැනීම සදහා ඔහු මෙම මැණික් තොගය කාබන් කොළවල ඔතා සිය ගමන් මල්ලේ සගවා ගෙන තිබූ අතර, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ග්‍රෑම් 482.02ක් බරැති මෙම මැණික් තොගය සොයා ගෙන රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණා.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා .














