spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කටුනායක ගුවන් තොටුපොළේ දී මැණික් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 16 ක් පමණ වටිනා විවිධ වර්ගයේ මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත රැගෙන යාමට තැත් කළ ව්‍යාපාරිකයෙකු දින 05 පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

අත් අඩංගුවට පත් මොහු බේරුවල ප්‍රදේශයේ 40 හැවිරිදි ව්‍යාපාරිකයෙක් .

මෙම පුද්ගලයා (05) දින දහවල් 01.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල්.- 127 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසීමේ දී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කෙරෙන එක්ස් කිරණ පරීක්ෂා වලදී මෙම මැණික් තොගය අනාවරණය වීම වළක්වා ගැනීම සදහා ඔහු මෙම මැණික් තොගය කාබන් කොළ වල ඔතා , සිය ගමන් මල්ලේ සගවා ගෙන තිබූ අතර , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ග්‍රෑම් 482.02 ක් බරැති මෙම මැණික් තොගය සොයා ගෙන රේගු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම ව්‍යාපාරිකයා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?