ඊජිප්තුවේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අවම වශයෙන් 88 දෙනෙකු තුවාල ලබා ඇති බවට වාර්තාවෙනවා.
මෙම අනතුර ඊපිප්තුවේ ගීසා නගරය අසල සිදුවී තිබෙනවා.
ගීසා සිට කයිරෝ නගරයට දකුණින් පිහිටි ෆයුම් බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, කයිරෝ සිට දකුණු දෙසට අස්වාන් නගරය වෙත ගමන් කරමින් තිබූ තවත් දුම්රියක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව ඊජිප්තු දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අනතුර හේතුවෙන් දුම්රිය මැදිරි කිහිපයක් පීලි පැන දුම්රිය මාර්ගය අසළ බෑවුමකට පෙරළී ගොස් ඇති බව වාර්තාවෙනවා.
එම අනතුරෙන් 04 දෙනෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වු අතර, දුම්රිය රියදුරෙකුද එයට ඇතුළත්වන බව විදෙස් මාධය වාර්තා කරනවා.
සිද්ධියෙන් තවත් 88 දෙනෙකු තුවාල ලබා ඇති , අනතුර සිදුවූ ස්ථානයට ගිලන්රථ 72කට වැඩි ප්‍රමාණයක් යවා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
මෙම අනතුර හේතුවෙන් ගීසා සහ ඉහළ ඊජිප්තු කලාපය අතර දුම්රිය ගමනාගමනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
